නව මානයක කතිකාව

  • by Editor
  • 5 months ago
  • 9

 

සොබාදහමේ සියලු න්‍යායන්ට අනුගත වෙමින් තිරසාර භාවිතයකින් දඩයක්කාරයාගේ සහ රැස්කරන්නාගේ භූමිකාවෙන් වසර දහස් ගණනක් ස්වභාවික සත්වයෙකු ලෙස ජීවත්වූ මිනිසා පවුල වර්ගය හා ජාතිකත්වය පදනම් කරගත් දේශපාලනික සත්වයෙකු බවට පත්වූ දා සිට පරිසරයට සිදු කල හානිය සුළුපටු නැත.

 

Technocentric සහ Exocentric මිනිසුන් – Dr. Suren Batagoda

ටෙක්නොසෙන්ටි‍්‍රක් (Technocentric) මිනිසුන් තාක්ෂණයෙන් සිය`ඵ දේ කල හැකි බව විශ්වාස කරති. අනෙක් අන්තයෙන් එකෝසෙන්ටි‍්‍රක් (Exocentric) මිනිසුන් තාක්ෂණයෙන් කිසිවක් කල නොහැකි බවත් සියල්ලම පදනම සොබාදහම බවත් විශ්වාස කරති. බොහෝ දර්ශනයන් මතවාදයන් පහල වන්නේ මේ අතරිනි.

නව මානයක කතිකාව සමග එක්වෙමින් ආචාර්ය සුරේන් බටගොඩයන් ස`දහන් කලේ පරිසර පද්ධතියක හෝ සමාජ පද්ධතියක ඇති බැ`දීම නැතිනම් ඒ ගම් එක බිදීයාමෙන් පද්ධතිය විනාශ වන බවයිි. ඔහුගේ අදහස වන්නේ අද අපි පද්ධතියේ එකිනෙක සංඝටක ගැන කථා කරන නමුත් මේ සියල්ල එක් කරන බැ`දීම නොසලකා හරින බවයි.

Watch Full Video

 

ලෝකයට මේ ආකාරයට ඉදිරියට යා හැකිද..? – Eng Ashoka Abeygunawardana

JLanka නවමානයක කතිකාවට එක්වෙමින් අශෝක අබේගුණවර්ධනයන් සදහන් කලේ ලෝකයට මේ ආකාරයටම ඉදිරියට යා නොහැකි බවයි. වසර දහස් ගණනක් පුරා පොලව යට තැන්පත්ව තිබූ පොසිල ඉන්ධන භාවිතා කරමින් පසුගිය වසර 200 පුරා නූතන මිනිසා පෙන්වූ විජජාවන් දැන් අවසන් අදියරට එළඹ ඇති බව ඔහුගේ අදහසයි.

2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් තිරසාර සංවර්ධන ඉලක්ක හදුනාගැනීම තුලින්ම ලෝකය මේ කාර්මීකරණය කරා යන ගමන අසාර්ථක වූ දෙයක් බව වඩා තහවුරු කරයි.

දැන් හදුනාගන්නා ප‍්‍රාථමික ගැටඵව වන්නේ මිනිසා සහ පරිසරය අතර ඇති විය යුතු සම්බන්ධය කෙසේද යන්නයි. මේ පිළිබ`දව ඔබේ අදහස කුමක්ද?

Watch Full Video

 

තිරසාර සංවර්ධනයට අනුගත පාරිභෝගිකයා කොයි වගේ මිනිහෙක්ද? – Eng Ashoka Abeygunawardana

බහුතරයක් දෙනා සිතන්නේ හොද ඉස්පිරිතාල ගොඩනැගීම, විශේෂඥ වෛද්‍යවරු ඉහලයාම දියුණුව බවයි. නමුත් තිරසාර හෙට දිනට ප‍්‍රවේශයක් උදෙසා වූ නවමානයක කතිකාව හා එක්වෙමින් අශෝක අබේගුණවර්ධනයන් ස`දහන් කලේ සැබෑ දියුණුව යනු මිනිසුන්ට රෝහල්ගතවීමේ අවශ්‍යතාවයක් මතු නොවී ඔවුන් නිරෝගීව ජීවත් වීම බවයි.

අප මෙතෙක් ජීවිතය විග‍්‍රහ කල සාම්ප‍්‍රදායික නිර්ණායකවලට ඔබ්බට යමින් තිරසාර සංවර්ධන ඉලක්ක ඔස්සේ ජීවිතය පිළිබදව නව නිර්ණායක ඔස්සේ නව මානයකින් බැලිය යුතු බව ඔහු අවධාරණය කරයි.

ඔහු පවසන පරිදි තිරසාර සංවර්ධනයට අනුගත පාරිභෝගිකයා සල්ලි පස්සෙ හඹාගෙන යන කෙනෙක් නෙමෙයි නම්, ඒ මිනිහා කොයි වගේ මිනිහෙක්ද?

Watch Full Video

 

රෝමයේ ශිෂ්ඨාචාරය බිද වැටුනේ කුමක්නිසාද – Prof. Sarath Kotagama

වර්තමානයේ ලෝක ජනගහණයෙන් 60 – 80‍්‍ර අතර ප‍්‍රමාණයක් කේන්ද්‍රගත වන්නේ නගරවලටය. එවිට සෑම නගරයකම කසල ගමන් කරන්නේ කොහේ හෝ වෙනත් තැනකටය. මේ ගැන කථා කරන්නට ජෙ ලංකා නවමානයක කතිකාවට එක්වූ මහාචාර්ය සරත් කොටගම පැවසූයේ මෙන්න මෙවැනි හතරබීරි කථාවකි.

රෝමයේ ශිෂ්ඨාචාරය බිද වැටුනේ කුමක්නිසාද යන්න පිළිබදව බොහෝ මති මතාන්තර පළ වුවත් මම පවසන්නේ රෝමයේ කසල පද්ධතියේ ගමන් කලේ බැබිලෝනියාවේ පස් නිසා එසේ සිදුවූ බවයි.” ඉතින් මේ උභතෝකෝටිකය ඔබට විස`දිය හැකිද?

Watch Full Video

 

අපිට තාමත් තියෙන්නෙ මේ මිහිතලය පමණයි – Prof Sarath Kotagama

වර්ෂ 1896 දී ආර්හීනියස් නම් විද්‍යාඥයෙකු ප‍්‍රකාශ කර තිබුනේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය ඉහල නැංවීමෙන් පරිසර උෂ්ණත්වය ඉහල යන බවය. එදා හුදු විද්‍යාත්මක අනාවැකියක් පමණක් වූ එය වර්තමානයේ ගෝලීය ප‍්‍රජාවම පීඩාවට පත්වූ අමිහිරි සත්‍යයක් බවට පත්ව තිබේ.

තිරසර හෙට දිනකට ප‍්‍රවේශයක් උදෙසා නවමානයක කතිකාව හා එක්වෙමින් මහාචාර්ය සරත් කොටගමයන් ප‍්‍රකාශ කලේ වසර 2050 දී පොසිල ඉන්ධන භාවිතය නැවැත්වීමට ගන්නා තීරණය මානව සංහතියේ ප‍්‍රගමනය ස`දහා වූ තීරණාත්මක සංදිස්ථානයක් බවය. ඔහු පවසන පරිදි ආලෝක වර්ෂ දහස්ගණනක දුරවලින් ජීවත් විය හැකි ග‍්‍රහලෝක කොච්චර හොයාගත්තත් අපිට තාමත් තියෙන්නෙ මේ මිහිතලය පමණයි.” ඔබ මේ සමග එකඟද..?

Watch Full Video

 

ගෝලීය සුපිරි පන්තිය – Dr. Tudor Weerasinghe

රටේ පාලනයට ආණ්ඩුවට නැත්නම් ජනාධිපතිවරුන්ට එරෙහිව අරගල කරන එක ලෝකයේ බොහෝ රටවල දකින්නට තියෙන සුලබ තත්ත්වයක්. ඒත් ඒ පිරිස් වටහා ගන්නෙ නෑ ජනමාධ්‍ය , මිලිටරිකරණය , ආර්ථිකය මෙහෙයවන යථාර්වාදී බලය සතු ගෝලීය සුපිරි පන්තිය ඉදිරියේ ඒ ජනාධිපතිවරු අගමැතිවරු නිකම්ම පඹයො විතරයි කියල .

JLanka නවමානයක කතිකාවට එක්වෙමින් ආචාර්ය ටියුඩර් වීරසිංහයන් කිව්වෙ අනාගත ලෝකය ප‍්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමේ ඉලක්කය සදහා ඒ සුපිරි පන්තිය ලෝක ජනගහණය හරි අඩකින් අඩු කිරීමේ ව්‍යාපෘතියක නිරත වෙනවා කියලයි. ඉතින් මේ කිසිවක් නොදකින වර්තමාන තරුණ පරපුර වගේම ඔබත් ඉන්නෙ නිර්වින්දනය වෙලාද?

Watch Full Video

 

අපේ රට සිංගප්පූරුවක් කරවීම මන්දබුද්ධික අදහසක් ද? – Dr. Tudor Weerasinghe

තව අව්රුදු 15 කින් 20 කින් චීනය බිද වැටෙනවා කියල මට ඇහිච්ච කථාවක්. මං අපේ කට්ටියට කිව්වම හුග දෙනෙක් කිව්වෙ ඕක ගිහින් කියපන් කොණ්ඩෙ බැදපු චීන්නුන්ට කියල . ඒත් ඒ කථාව අහපු මං දන්නවා මානව අයිතිවාසිකම් යනු ඉතා ප‍්‍රතිගාමී අදහසක් බවට පත්වූ වටපිටාවක ලෝකයේ බොහෝ රටවල් ඒ කාරණාව මතම විනාශ වෙච්ච බව.

තිරසර හෙට දිනකට ප‍්‍රවේශයක් උදෙසා වූ නවමානයක කතිකාව බුද්ධිමය සංවාදයට එක්වෙමින් ආචාර්ය ටියුඩර් වීරසිංහයන් සදහන් කල ආකාරයටම ඔබත් හිතන්නෙ, අපේ රට සිංගප්පූරුවක් කරවීම යනු අප රටේ මෝඩ පාලකයින් විසින් ගෙනෙන මන්දබුද්ධික අදහසක්, කියලද?

Watch Full Video

J Lanka Video Program

Read next: තිරසර හෙට දිනට ලෝකය ගෙනයන නව මානය සොයන සංවාදාත්මක ප්‍රවේශය.....