JLanka Technologies විසින් බෞද්ධ විහාරස්ථාන සඳහා සූර්යබල පද්ධති පූජා කිරීම

  • by Editor
  • 2 weeks ago
  • 0

 

ලෝකයේ හැම ආගමක්ම උත්සාහ කරන්නේ මානව වර්ගයාගේ අධ්‍යත්මයේ අඳුරු අහුමුළු ආලෝකමත් කරන්න. හැම ආගමක්ම උත්සාහ කරන්නේ මිනිසුන් සහ සොබාදහම අතරේ තියෙන සමෝධානිත සහජීවනය තිරසාරත්වයෙන් පවත්වාගෙන යන්න. ඉතින් අන්න ඒ නිසයි අපිට අපේ ගම, ගමේ පන්සල සහ ගමේ පන්සලේ හාමුදුරුවො වැදගත් වෙන්නෙ.

සූර්යබල සංග‍්‍රාමය යටතේ JLanka Technologies ආයතනයට අවස්ථාවක් ලැබෙනවා අනුරාධපුර අටමස්ථානය, යාපනය නල්ලූර් කෝවිල, රත්නපුර මහ සමන් දේවාලය ආදී ප‍්‍රධාන ආගමික සිද්ධස්ථාන 40 ක සූර්ය බල පද්ධති ස්ථාපනය කරන්න. ඒ ක‍්‍රියාවලියට සහයෝගයක් සහ පූර්වාදර්ශයක් විදියට අපි තීරණය කලා අපේ ආයතනය පිහිටලා තියෙන බත්තරමුල්ල, පැලවත්තේ ප්‍රදේශයේ ප‍්‍රධාන විහාරස්ථාන දෙකක් සඳහා මේ ආකාරයට සූර්යබල පද්ධතීන් දෙකක් පූජා කරන්න.

 

Read next: GREEN BUILDINGS; A TIMELY NEED IN SRI LANKA