JLanka නවමානයක කතිකාව – ඉදිකිරීම් තාක්ෂණයේ සහසබඳතා සොයා යෑම – ආචාර්ය ටී එල් ප‍්‍රදීප්

  • by Editor
  • 6 days ago
  • 0

 

තිරසාර සංවර්ධනය සමඟ ඉදිකිරිම් තාක්ෂණය අතිශය තීරණාත්මක සාධකයක් ලෙස බැදී පවතිනවා. බලශක්තිය, ජලය, අපද්‍රව්‍ය කළමනාකරණය, ප‍්‍රවාහනය ආදී පරිසර සංවේදී කාරණා ගණනාවක් මේ ඉදිකිරීම් ක‍්‍රියාවලිය හා සහසම්බන්ධිතයි. ඉතින් අතීතයේ මිනිසා තමන්ගෙ වාසස්ථාන සකස් කර ගැනීමේදී සැලකිලිමත් උනේ අව්වෙන්, වැස්සෙන්, වන සතුන්ගෙන් ආරක්ෂාවීම වැනි කාරණා විතරයි.

නමුත් වර්තමානයේ ඩුබායි වැනි රටවල කිලෝමීටරයක් පමණ උස ගොඩනැගිලි ඉදිවෙනවා. ලංකාවේත් ස්මාර්ට් බිල්ඩින් ග‍්‍රීන් බිල්ඩින් ඉදිකිරීමේ ප‍්‍රවණතාවයක් තියෙනවා. කොළඹ නගරාසන්නව සෑම අස්සක් මුල්ලක් නෑරම ඉතා විශාල ප‍්‍රමාණයේ තට්ටු ගොඩනැගිලි ඉදිවෙනවා. ගෝලීය ප‍්‍රවණතාවයන්ට අනුව යමින් අපේ කැමැත්ත ඇතිව හෝ නැතිව වරාය නගර මෙගා සිටි ඉදිකෙරෙන වටපිටාව තුල සියල්ල වඩාත් සංකීර්ණ වෙමින් පවතිනවා.

ඉතින් නවමානයක කතිකාව තුලින් අද අපි කතිකා කරන්නට තීරණය කලේ මෙන්න මේ ඉදිකිරීම් තාක්ෂණය සමඟ ගෘහනිර්මාණ ශිල්පය හා ඉංජිනේරු විද්‍යාව සහසම්බන්ධිත වෙන්නෙ කොහොමද කියන කාරණාව ගැනයි.

Read next: JLanka නව මානයක කතිකාව – 31 වන කොටස – ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ