1MWp x 90 Utility Solar PV Power Plants in Sri Lanka

  • by Editor
  • 19 mins ago
  • 0

 

පරාක්‍රම ජයසිංහ මහතා සමඟ වැඩසටහන

ආරම්භයේදී කොළඹට පමණක් සීමා වී තිබුණ විදුලිය ක්‍රමයෙන් තැනින් තැන කුඩා ජල විදුලි බලාගාර ඔස්සේ ප්‍රාදේශීයව විමධ්‍යගත ආකාරයට විදුලි උත්පාදනයට එක් උනා.නමුත් දශක ගණනාවක ඇවෑමෙන් අද මුළු රටටම විදුලිය ලැබෙන ජාලගත පද්ධතිය නිර්මාණය කිරීම ගැන අපි ලංකා විදුලි බල මණ්ඩලයට ස්තුතිවන්ත වියයුතුයි. ආසියාතික ඇතැම් රටවලට පවා තවමත් ලඟා කරගන්නට බැරි වූ මේ ඉලක්කය සපුරා ගැනීම එක්තරා ආකාරයක විප්ලවයක්.

නමුත් දිනෙන් දින ඉහල යන විදුලි ඉල්ලුම සපුරාගැනීමේ අසීරු අභියෝගය ජය ගන්න සුනිත්‍ය බලශක්ති අධිකාරියත් විදුලි බල මණ්ඩලයත් එක්ව දියත් කල සූර්යබල සංග්‍රාමය මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තියෙනවා. ඇත්තටම 2020 වන විට වහලය මත සවි කරන සුර්යබල පද්ධති හරහා උත්පාදනය කිරීමට අපේක්ෂා කල මෙගාවොට් 200 ඉලක්කය මේ වනවිටත් මෙගාවොට් 120ක් පමණ ඉක්මවා සාධනය කරගෙන තියෙනවා.

ඒ වගේම පසුගිය කාලයේ දියත්කරපු මෙගාවොට් 60 සූර්යබලාගාර ව්‍යාපෘතිය සාර්ථක වූ නිසා දැන් විදුලිබල මණ්ඩලය මගින් මෙගාවොට් 90 වැඩසටහන දියත් කරලා තියෙනවා. ඇත්තටම මේක හොඳ අවස්ථාවක් ලාංකේය ව්‍යාපාරිකයින්ට ඉහල ප්‍රතිලාභ සහිත ආයෝජන අවස්ථාවකට යොමු වෙන්න. මේ තාක්ෂණය වඩාත් නිවැරදිව භාවිතා කරන්න හැකියාව සහිත ජේ ලංකා වැනි විශේෂඥ වෘත්තිකයන් දැන් ලංකාවේ ඕනි තරම් ඉන්නවා. පහුගිය කාලය තුල ඔවුන් ස්ථාපනය කල පද්ධති වල සාර්ථකත්වය අනුව ඔවුන් එය ඔප්පු කරල තියෙනවා.

විශේෂයෙන්ම අපි අවධානය යොමු කල යුත්තේ බලශක්ති උත්පාදන ක්‍රමවේදය අපේම දෙයක් කරගන්න. එතකොට තමයි එක අපේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්නෙ. ඇත්තටම සූර්යබල උත්පාදනය මේකට හොඳම අවස්ථාවක්. මූලික පිරිවැය යෙදුවට පස්සෙ නැවත නැවතත් අමුද්‍රව්‍ය සඳහා වියදමක් නෑ. අපේ රටට ඕනතරම් සූර්යාලෝකය වැටෙනවා අපි ප්‍රයෝජනයට නොගත්තට.

ඉතින් ඔබ හැමෝටම හැකියාවක් තියෙනවා මේ මෙගාවොට් 90 වැඩසටහනට දායකවෙමින් හොඳ පරිසර හිතකාමී ව්‍යාපාරික ආයෝජනයකට එක්වෙන්න. මේක ලංකාව පුරා ස්ථාන ගණනාවක විදුලි උපපොළවල් ගණනාවක් පදනම් කරගෙන ස්ථානගත වෙනවා. දල දේශීය නිෂ්පාදනය ඉහල නංවමින් රටක ආර්ථිකය දියුණු කරන්න මේක වටිනා අවස්ථාවක්.

 

Read previous: JLanka සමඟ මාතර රාහුල විද්‍යාලයීය සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මගින් සොබාදහම මතු පරපුරට උරුම කරන්නට...